Monday, April 29, 2024

General line - 0115112241

ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කන්ද අසලදී ගුවන් අනතුරක්

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ස්විට්ස්ර්ලන්තයේ ඇල්ප්ස් කඳු වැටිය ආසන්නයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 20 දෙනෙක් පමණ මිය යන්නට ඇතැයි විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

සංචාරකයින් රැගෙන යන කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් වන මෙය අනතුරකට ලක්ව ඇත්තේ සංචාරකයින් අතර බෙහෙවින් ප්‍රචලිත Piz Segnas කන්ද ආසන්නයට බව සදහන්.

මෙම ගුවන් යානයේ කොපමණ සංචාරකයින් සංඛ්‍යාවක් ගමන් කලාද යන්න ගැන මෙතෙක් නිශ්චිතව සදහන් වී නැති අතර කුඩා ගුවන් යානයේ මගින් 17 දෙනෙක්ට සහ ගුවන් නියමුවන් දෙදෙනෙක්ට පමණක් ගමන් කළ හැකි බවයි මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර ඊයේ (04) ස්විට්සර්ලන්තයේ රෙන්ග් කඳු වැටිය ආසන්නයේදී සිදුවූ ගුවන් අනතුරකින් එහි ගමන් කරමින් සිටි පුද්ගලයින් සිවුදෙනෙක් මිය ගියා.