Monday, April 29, 2024

General line - 0115112241

ඉන්දුනීසියානු භූමිකම්පාවෙන් පුද්ගලයින් 82ක් මරුට (PHOTOS/VIDEO) (UPDATE)

දිනුක් හේවාවිතාරණ/ තරංග රුක්ෂාන් ජයසේකර




ඉන්දුනීසියාවේ ලොම්බෝක් දුපතේ සිදුවූ රිච්ටර් ඒකක 7.0 ක අගයකින් යුත් ප්‍රබල භූමිකම්පාවෙන් මේ දක්වා මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 82 ක් බව එරට ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරනවා. තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි බලධාරින් සදහන් කරන්නේ.

ලොම්බෝක් දුපතට බලපෑ භූමිකම්පාවේ ප්‍රබලත්වය අසල පිහිටි බාලි දුපතට දැනි තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

මේ අතර ලොම්බෝක් දුපතේ ඇතැම් ස්ථාන වල විදුලිය සහ ජල සැපයුම් විසන්ධිවී ඇති අතර නිවාස ඇතුළු ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති බව වාර්තා වනවා.

සංචාරකයින් අතර බෙහෙවින් ප්‍රසිද්ධ ලොම්බෝක් සහ බාලි දුපත් හි සිටින විදෙස් සංචාරකයින් සහ ඉන්දුනීසියානු වැසියන් මේ වන විට තාවකාලිකව ඉදිකර ඇති ආරක්‍ෂිත ස්ථාන වල සිටින බව මාධ්‍ය වාර්තා සදහන් කර සිටිනවා.

.................................................................................................................................................................................

ඒකක 7ක ප්‍රබල භුකම්පනයක් සමග ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක් 

(05-08-2018 18:09)

ඉන්දුනීසියාවේ ලොම්බෝක් දුපතේ මිට සුළු මොහොතකට පෙර රිච්ටර් ඒකක 7 ක අගයකින් යුත් ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය නිවේදනය කරනවා.

භුමිකම්පාවත් සමග ඉන්දුනීසියානු ආපදා ඒකකය විසින් එරටට සුනාමි අනතරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

මෙම භූමිකම්පාව ගොඩබිම සිදුව ඇති බැවින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර සිටිනවා.

මිට සතියකට පමණ ඉහතදී ලොම්බෝක් දුපතේ සිදුවූ ඒකක 6.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් පුද්ගලයින් 17 දෙනෙක් මරුමුවට පත් වුනා.