Monday, April 29, 2024

General line - 0115112241

ජිව වායු ප්‍රහාරයක් ගැන IS සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් (VIDEO/PHOTOS)




අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට නුදුරේදීම ජිව වායු ප්‍රහාරයක් එල්ල කරන බවට ඉස්ලාමිය අන්තවාදීන් (IS) අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

අමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ පසුබිම සහිත ජයාරූපයක් එළිදක්වමින් ඉස්ලාමිය අන්තවාදීන් සදහන් කර ඇත්තේ " ගන්නා සෑම හුස්මක් පාසා අප නුඹලාට බිය ඇති කරවනවා" යනුවෙන්ය. ඊට අමතර කොළ පැහැති දුමාරයක් පිටවන බදුනක් අතින් ගත් ඉස්ලාමිය ත්‍රස්තවාදියෙක් සිටින ආකාරයද එම ජයාරුපයේ සටහන්ව තිබෙනවා.

එම ජයාරුපයට අමතරව අමෙරිකාවට ඉස්ලාමිය අන්තවාදීන් විසින් ප්‍රහාර මාලාවක් එල්ල කරන අයුරු දැක්වෙන විඩියෝවක්ද මිට දින කිහිපයකට ඉහතදී ඔවුන් විසින් අන්තර්ජාලයට මුදාහැර ඇති බවයි මැදපෙරදිග මාධ්‍ය පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙන වාර්තාවේ සදහන් වනවා.

ඉස්ලාමිය අන්තවාදීන් මේ වන විට සිරියාවේ දී රජයේ හමුදාවන් සහ රුසියානු ඒකාබද්ධ ප්‍රහාර හමුවේ දැඩි පසුබෑමකට ලක්ව තිබෙනවා.

ආරක්ෂක  විශ්ලේෂකයින් සදහන් කරන්නේ ඉස්ලාමිය ත්‍රස්තවාදින් පසුගිය කාල සීමාවේදී ජිව ප්‍රහාරයක් සදහා සුදානමක් තිබු බවත් ඒ සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ තාක්ෂණික සහය පවා තමන් සතුකර ගෙන ඇති බවයි.

කෙසේ නමුත් මෙම අනතුරු ඇඟවීම ගැන ඇමෙරිකාව ඇතුළු බටහිර රවල්වල් මෙතෙක් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැහැ.