Wednesday, May 1, 2024

General line - 0115112241

‘‘ලාස්ට් මෑන් චාන්ස්’’ තරගාවලියේ ශ්‍රී ලංකාව ඉදිරියට

කසුන් කැළුම්




එංගලන්තයේ පැවැත්වෙන ‘‘ලාස්ට් මෑන් චාන්ස්’’ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරග දෙකම ජය ගැනීමට අජන්ත මෙන්ඩිස් ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

අමෙරිකාව සමග ඊයේ (06) පැවැති තරගයෙන් ශී‍්‍ර ලංකාව ජය ගත්තේ කඩුළු 06කින්.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අමෙරිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුළු 06ක් දැවී ලකුණු 147ක් රැස්කළා.

එම ඉලක්කය පන්දුවාර 14 යි පන්දු 03ක් අවසානයේ කඩුළු 02ක් පමණක් දැවී පසුකර යාමට ශී‍්‍ර ලංකාව සමත්වුණා. 

තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ අජන්ත මෙන්ඩිස් ලකුණු 53ක් සහ කඩුළු 02ක් දවා ගනිමින් ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණය කරා රැගෙන ගියා.

තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ අජන්ත මෙන්ඩිස්. මෙවර ‘‘ලාස්ට් මෑන් චාන්ස්’’ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය් සඳහා රටවල් 12ක් එක්ව සිටිනවා. මෙම තරග රටාවේ විශේෂත්වය වන්නේ අවසන් පිතිකරුවාට වුවද තනිව පන්දුවට පහරදීමේ හැකියාව පැවතීමයි.