Friday, May 3, 2024

General line - 0115112241

කරුණානිධිගේ අවසන් කටයුතු සිදුකරන්න මදුරාසි මහාධිකරණයේ මහ රෑ නඩු අසයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




හිටපු තමිල්නාඩු මහ ඇමති මුත්තුවේල් කරුණානිධි මහතාගේ අවසන් කටයුතු සිදුකිරීම සදහා චෙන්නායි මරිනා වෙරළ තිරයේ කොටසක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහු නියෝජනය කරන DMK පක්ෂය විසින් තමිල්නාඩු රජයෙන් සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තමිල්නාඩු රජය සදහන් කරන්නේ වෙරළාරක්ෂක නීති වලට පටහැනි බැවින් ඒ සදහා ඉඩක් වෙන් කර දීම අපහසු බවයි. 

කෙසේ වෙතත් මහත්මා ගාන්ධි අනුස්මරණ මණ්ඩපය පිහිටි භූමියේ කරුණානිධි මහතාගේ දේහය භූමදානය සිදුකිරීම සදහා අක්කර 02 ක භුමි භාගයක්  ලබාදිය හැකි බව DMK පක්ෂය වෙත තමිල්නාඩු රජය දැනුම් දී තිබෙනවා. මිට පෙර තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිවරුන් වන සී. රාජගෝපලචාරි සහ කේ. කාම්රාජ්ගේ දේහයන් මෙහි තැන්පත් කර ඇති බව සදහන් .

තමිල්නාඩු රජය විසින් සිය නායකයාගේ අවසන් කටයුතු සිදුකිරීම උදෙසා මරිනා වෙරළ තිරයේ කොටසක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මේ වන DMK පක්ෂය විසින් මදුරාසි මහාධිකරණයට පෙත්සම් දෙකක් ගොනු කර තිබෙනවා.

ඒ අනුව එම පෙත්සම් දෙක විශේෂ කටයුත්තක් සේ සලකා මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) රාත්‍රියේදීම විභාගයට ගනු ලැබූවා. එහිදී හිටපු මහ ඇමතිවරයාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු සිදුකිරීමට මරිනා වෙරළ තිරයේ ඉඩ ලබා නොදීම පිලිබඳ හේතු ඇත්නම් අද (08) උදැසන 8ට අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි තමිල්නාඩු රජයට මදුරාසි මහාධිකරණය විසින් නියෝග කර ඇති බව ද හින්දු වෙබ් අඩවිය සදහන් කරනවා.

මේ අතර දමිළ සිනමාවේ සුපිරි නළු රජිනි කාන්ත් හිටපු තමිල්නාඩු මහ ඇමතිවරයාගේ අවසන් කටයුතු සිදුකිරීම සදහා මරිනා වෙරළ තිරයෙන් ඉඩක් ලබා දෙන මෙන් ඉල්ලා තමිල්නාඩු රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.