Friday, May 3, 2024

General line - 0115112241

වසර 15ක් ගුහාවක රඳවා ගෙන ලිංගික අපයෝජනය කල තරුණියක් සොයා ගැනේ (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




83 හැවිරිදි පුද්ගලයෙකු විසින් පුරා වසර 15 ක කාලයක් ගුහාවක රඳවා තබා ගනිමින් ලිංගිකව අපයෝජනය කළ 28 හැවිරිදි තරුණියක් සොයා ගැනීමට ඉන්දුනීසියානු පොලිසිය සමත්ව ඇති බව BBC පුවත් සේවය වාර්තා කර සිටිනවා.

2003 වසරේදී 13 හැවිරිදි ලාබාල දැරියක් වූ මෙම තරුණිය සැකකරු විසින් පැහැරගෙන විත් සිය නිවසේ රඳවා ගෙන තබා ගෙන ඇති අතර වසර 10 කට අධික කාලයක් මොහු විසින් අදාළ තරුණියව ලිංගිකව අපයෝජනය කර ඇති බව එරට පොලිසිය සදහන් කරනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මන්ත්‍ර ගුරුකම් වෘත්තීය වශයෙන් සිදුකරනු ලබන අයෙක් බවත් මෙම කාන්තාවට ළමා කාලයේදී ඇතිව තිබෙන රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාදීම සදහා ඇයගේ දෙමවුපියන් මෙම සැකකරු වෙත දැරියව භාරදී ඇති බව සදහන්.

පසුව දැරිය රැගෙන යාමට පැමිණි දෙමව්පියන්ට සැකකරු පවසා ඇත්තේ එම දැරිය රැකියාවක් සොයා ජකර්තා අගනුවර බලා පිටත්ව ගිය බවයි. කෙසේ නමුත් දැරියගේ දෙමවුපියන් සහ ඥාතින් දැරිය සොයමින් වසර ගණනාවක් කාලය ගත කර ඇති බව මුලික පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබෙනවා.

මෙම සැකකරු විසින් දැරිය බිය වද්දා සිය ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සදහා ඇයව රඳවා තබා ගෙන ඇති අතර දහවල් කාලයේදී කිසිවෙකුගේ ඇස නොගැටෙන්න ඇයව ගුහාවක රඳවා තබා ගෙන ඇති අතර රාත්‍රි කාලයේදී පමණක් තම නිවසට කැදවාගෙන විත් තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර චෝදනා වලට වැරදිකරු වුවහොත් සැකකරුට වසර 15 ක සිර දඬුවම් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.