Monday, May 6, 2024

General line - 0115112241

අමෙරිකාවේ සම්බාධක වලට බය නැහැ : ඉන්ධන අපනයනය සිදුකරනවා - ඉරාන ජනපති කියයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිය ඉන්ධන අපනයනයට එරෙහිව අමෙරිකාව සිදුකරනු ලබන සම්බාධකයන්ට එරෙහිව නොබියව මුහුණ දෙන බව ඉරාන ජනාධිපති හසන් රොහානි ප්‍රකාශ කර සිටිනවා. අමෙරිකාව විසින් යලි සම්බාධක පැනවීමෙන් අනතුරුව ඉරාන ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ඒ පිළිබඳව සිදුකළ පළමු ප්‍රකාශය මෙය විය.

අමෙරිකාවේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් ඔවුන්ට ප්‍රතිවිපාක විදීමට සිදුවනු ඇති බවද ඉරාන ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

ඉරානයට එරෙහිව සම්බාධක පනවමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ඉරානය සමග ගණුදෙනු සිදුකරනු ලබන ඕනෑම රටක් අමෙරිකාවට එරෙහිව කටයුතු කරන බවට සලකන බවයි.

අමෙරිකාව විසින් සම්බාධක පැනවුවහොත් මැද පෙරදිග ප්‍රධාන නැව් මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට මිට පෙර ඉරානය අනතුරු අඟවා තිබුනා.