Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවේ තවත් භූ කම්පන තත්ත්වයක්




ඉන්දුනීසියාවේ තවත් භූ කම්පන තත්ත්වයක් වාර්තා වෙනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මැග්නිටියුඩ් ඒකක 5.9ක ප්‍රබලත්වයක් එහි සටහන්ව ඇති බවයි.

පසුගිය ඉරිදා ඉන්දුනීසියාවේ ලොම්බෝක් දුපතට බලපෑ රිච්ටර් ඒකක 6.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 347 ක් බව එරට බලධාරීන් නිවේදනය කළා. ඊට අමතරව තුවාල ලද පුද්ගලයින් සංඛ්‍යාව 1,447ක් වනවා.

එම ප්‍රදේශය ආශ්‍රිතව මෙම භූ කම්පන තත්ත්වයත් වාර්තා වෙනවා.