Monday, May 6, 2024

General line - 0115112241

සවුදි ගුවන් ප්‍රහාරයෙන් ළමුන් 29 දෙනෙක් මරුට

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සවුදි අරාබිය ප්‍රමුඛ මිත්‍ර රටවල් එක්ව ඊයේ (09) දිනයේදී යේමනයේ සිදුකළ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 29 දෙනෙක් මියගොස් තවත් 30 දෙනෙක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ වාර්තා උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තා කර සිටිනවා.

යේමනයේ රජයට එරෙහිව කැරළි ගසන හුටි කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් සවුදිය ප්‍රමුඛ මිත්‍ර රටවල් එල්ල කළ ගුවන් ප්‍රහාරය එල්ලවී ඇත්තේ ළමුන් ගමන් කරමින් සිටි බස් රථයකටයි.

සිදුවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සවුදිය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය සදහන් කරන්නේ කැරලිකරුවන්ට එරෙහිව තමන් සිදුකරනු ලබන ප්‍රහාරයන් නිත්‍යානුකුල බවයි.

කෙසේ වුවත් මානව හිමිකම් සංවිධාන සදහන් කරන්නේ කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් සිදුකරනු ලබන ප්‍රහාරයන් පාසල්, වෙළද සැල් සහ පොදු ජනයා ගැවෙසෙන ස්ථාන වෙත එල්ල වීම අනුමත කළ නොහැකි බවයි.