Monday, May 6, 2024

General line - 0115112241

පූජකවරයකු නිසා අමෙරිකාව තුර්කියට බදු පනවයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවෙන් තුර්කියට බදු පනවා තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ තුුර්කියෙන් සිදුකරන වානේ සහ ඇළුමිනියම් ආනයනය සඳහා බදු අය කිරීම් දෙගුණ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පියවර ගෙන ඇති බවයි. ඒ හමුවේ තුර්කිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපාන බවද විදෙස් වාර්තාවල සදහන්. මේ වනවිටත් තුර්කියේ ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර එරට මුදල් ඒකකයද ඊයේ දිනයේදී පමණක් සියයට 14 කින් පහත වැටුණා. 

මේ වනවිට අමෙරිකාව සහ තුර්කිය අතර රාජ්‍ය තාන්ති‍්‍රක මතගැටුමක්ද නිර්මාණය වී තිබෙනවා. ඊට හේතුව වන්නේ ත‍්‍රස්ත චෝදනා මත රඳවා සිටින සිය කි‍්‍රස්තියානි පූජකවරයෙකු නිදහස් කරන ලෙස අමෙරිකාව සිදුකළ ඉල්ලීමක් තුර්කිය කිහිප අවස්ථාවකදීම ප‍්‍රතික්‍ෂේප කිරීමයි. ඊට ප‍්‍රතිචාර ලෙස අමෙරිකාව විසින් මීට පෙර තුර්කියේ අමාත්‍යවරුන් දෙදෙනෙකුට එරෙහිව සම්බාධක පැණවුවා. එයට ප‍්‍රතිචාර ලෙස තුර්කිය සිදුකළේ සිය රටේ සිටින අමෙරිකානුවන් දෙදෙනෙකුගේ වත්කම් පවරා ගැනීමයි. කෙසේවෙතත් අමෙරිකාවේ නව බදු පැනවීමත් සමග දෙරට අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවටයි විචාරකයින් මත පළ කරන්නේ.