Sunday, May 5, 2024

General line - 0115112241

සවුදි කුමරා ගෙදර - ලෝකයාගේ මානව හිමිකම් රැකීමේ වගකීම කාන්තාවකට බාර දෙයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ නව මහ ලේකම්වරිය ලෙස චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපතිනි මිචෙල් බැචලේ පත් කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ මෙම පත් කිරීම එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටර්ස් විසින් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කර ඇති බවයි. ඊයේ පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී පැවැති සිදු කළ ඡන්ද විමසීමක් මගින් මිචෙල් බැචලේ, එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ නව මහ ලේකම්වරිය ලෙස තෝරා පත් කර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කළේ. 

මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරන සෙයිඩ් අල් හුසේන්ගේ ධුර කාලය මේ මස අගදි අවසන් වීමට නියමිතයි. ඒ අනුව ලබන සැප්තැම්බර් මස 01වනදා සිට මිචෙල් බැචලේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ නව මහ ලේකම්වරිය ලෙස කටයුතු කරනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පළ කළ වාර්තාවන්හි සඳහන්. නව ධූරය පිළිගනිමින් මිචෙල් බැචලේ පවසා ඇත්තේ තමන්ට හිමිවූ අවස්ථාව පිළිබඳ අතිශය සතුටට පත්වන බවයි.