Sunday, May 5, 2024

General line - 0115112241

අමෙරිකාවේදී පැහැර ගැනුණු ගුවන් යානයක් දුපතකට කඩා වැටෙයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ සියැටල් ගුවන් තොටුපළෙන් පැහැර ගත් ගුවන් යානයක් යාබද දුපතකට කඩා වැටී තිබෙනවා. මෙලෙස පැහැර ගැනුණේ මගී රහිත ගුවන් යානයක් වන අතර පැහැර ගැනීම සිදු කර තිබුණේ ගුවන් සමාගමකට අනියුක්තව සේවය කරන සේවකයෙක්. 

අමෙරිකානු ජාතිකයෙකු වන සැකකරු 29 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණ වී තිබෙනවා. එය ත‍්‍රස්ත කි‍්‍රයාවක් ද නොවන බවයි බලධාරීන් පැවසුවේ. යානය අනතුරට ලක්ව කඩා වැටුනද සැකකරු දිවි බේරා ගත්තේද නැද්ද යන්න මෙතෙක් වාර්තා වී නැහැ.