Monday, May 6, 2024

General line - 0115112241

ග්ලයිෆොසෙට් මගින් පිළිකා වැළඳෙන බව අමෙරිකානු අධිකරණයක් පිළි ගනියි

සමන්ත කුමාර




ග්ලයිෆොසෙට් අඩංගු පලිබෝධ නාශකය භාවිතය හේතුවෙන් තමන්ට පිළිකා රෝගයක් වැළඳුනු බව අමෙරිකානු ජාතිකයෙකු කළ අභියෝගය කැලිෆෝනියා අධිකරණය මගින් පිළිගෙන තිබෙනවා.

මෙම පුද්ගලයාට අමෙරිකානු ඩොලර් මිලියන 289ක වන්දියක් ගෙවන ලෙසද ග්ලයිෆොසෙට් නිෂ්පාදනය කරන අදාළ සමාගමට අධිකරණය නියෝග කළා. ග්ලයිෆොසෙට් පිළිකා කාරයක් බවට අධිකරණයක් හමුවේ අභියෝගයට ලක්වූ පළමු අවස්ථාව මෙයයි.