Friday, September 20, 2024

General line - 0115112241

කැසිනෝ ගහන්න ‘පන්සලේ‘ සල්ලි සොරා කෑ හාමුදුරුවෝ මාට්ටු!



සූදු කෙළීම සඳහා පන්සලෙන් ඩොලර් 260 000ක මුදලක් සොරකම් කළ භික්ෂුවක් පිළිබඳ පුවතක් ඇමරිකාවේ ලුසියානා ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම භික්ෂුව ලුසියානා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම භික්ෂුව දීර්ඝ කාලයක් තිස්සේ සූදුවට ඇබ්බැහිවී සිට ඇති බව වාර්තා වන අතර, වැඩි වශයෙන්ම මුදල් විදයම් කොට ඇත්තේ කැසිනෝ ගැසීම සඳහායි.

නමින් Khang Nguyen Le වන මෙම භික්ෂුව වියට්නාම ජාතිකයෙක්.

කෙසේ වෙතත් මුදල් සොරකම් කළ වරදට වරදකරු වූ භික්ෂූවට මාස 30ක සිර දඩුවමක් නියම වී තිබෙනවා.