Thursday, May 2, 2024

General line - 0115112241

තියුණු තරගයකින් අනතුරුව ශ්‍රි ලංකා පිල ජයග්‍රහණය සමරයි

දිනුක් හේවාවිතාරණ




දකුණු අප්‍රිකාව සමග අද (14) පැවති විස්සයි 20 ක්‍රිකට් තරගයේදි ශ්‍රි ලංකාවට කඩුළු 03ක ජයක් හිමි උනා. තරගය පැවතුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදි.

කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු නායක ජේ.පි. ඩුමිනි පලමුවෙන් පන්දුවට පහර දිමට තීරණය කළා.

දකුණු අප්‍රිකානු නායකයාගේ තීරණය වැරදුනු බවට පසක් කර දෙමින් ශ්‍රි ලංකා දග පන්දු යවන්නන් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අසරණ කරමින් දක්ෂ පන්දු යැවිමක නිරත වුවා.

ශ්‍රි ලංකා පන්දු යවන්නන් විසින් දකුණු අප්‍රිකානු පිතිකරුවන් සියළු දෙනාම පන්දු ඕවර 16.4ක් තුලදි ලකුණු 98කට දවා ගැනිමට සමත් විය. එය විස්සයි 20 තරගයකදි දකුණු අප්‍රිකානු කණ්ඩායම රැස් කල අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්වුවා. 

දක්ෂ පන්දු යැවිමක නිරතවු ලක්ෂාන් සදකැන් ලකුණු 19 කඩුළු 3ක් දවා ගනු ලැබුවා. අකිල ධනංජය සහ ධනංජය සිල්වා කඩුළු 2 ක බැගින් දවා ගනු ලැබුවා.

ලකුණු 99ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා පිතිකරුවන් පන්දු ඕවර 16ක් තුලදි ලකුණු 99 ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ශ්‍රි ලංකා පිතිකරුවන් අසිරු අඩියකට ඇද දමමින් තර්ජණාත්මක පන්දු යැවිමක නිරතවු අතර තරග තහනමින් පසු යළි කණ්ඩායමට එක්වු දිනේෂ් චන්දිමාල් අවසන් මොහොත තෙක් පිටියේ රැදි සිටිමින් ශ්‍රි ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුවා. 

දිනේෂ් චන්දිමාල් පන්දු 33 කදි නොදැවි ලකුණු 36ක් වාර්තා කළා. ඔහුට අනගි සහයක් ලබාදුන් ධනංජය සිල්වා ලකුණු 31ක් සහ දසුන් ශානක ලකුණු 16ක් රැස්කරනු ලැබුවා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවිමක නිරතවු කගීසෝ රබාඩා, ජුනියර් ඩලා සහ ටබ්‍රිස් ෂම්සී ශ්‍රි ලංකා පිලේ කඩුළු 02ක බැගින් දවා ගනු ලැබුවා.