Sunday, May 5, 2024

General line - 0115112241

කටුනායක කොචින් ගුවන් ගමන් නවතී

චම්ලි ඒකනායක - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දියාවේ කේරල ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, කොචින් අන්තර්ජාතික ගුවන්තොටුපොලේ ගුවන්යානා මෙහෙයුම් දින 4ක් සඳහා අත්හිටුවා තිබෙනවා. එම ගුවන්තොටුපොලේ ගුවන්පථ ජලයෙන් යටව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් කටුනායක සහ කොචින් අතර ගුවන් ගමන් ලබන 18දා දක්වා අත්හිටුවා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අයහපත් කාලගුණ තත්ත්වය කේරල ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 12කට බලපා ඇති බවයි. ආපදා හේතුවෙන් මේ වනවිට 45 දෙනකු මියගොස් තිබෙනවා.