Thursday, May 2, 2024

General line - 0115112241

BMW වාහන වලට තහංචියක් : වාහන 20000ක් ධාවනය අත්හිටුවයි (PHOTO)

දිනුක් හේවාවිතාරණ




BMW වර්ගයේ මෝටර් රථ 20,000ක් ධාවනයෙන් ඉවත් කිරීමට දකුණු කොරියානු රජය තීරණය කර තිබෙනවා. ඒ මේ වසර තුලදී BMW කාර් රථ 30 ක එංජින් හි හටගත් හදිසි ගිනි ගැනීම හේතුවෙන් බවයි එරට රජය සදහන් කරන්නේ.

පවතින තත්ත්වය හමුවේ BMW සමාගම තම රටේ දැනට පවතින මෝටර් රථ වලට අමතරව ඉදිරියේ ගෙන්වීමට නියමිත වාහන ගැන තත්ත්ව පරීක්ෂාවක් සිදු කර එහි ආරක්ෂාව තහවුරු කළ යුතු බවයි දකුණු කොරියානු ප්‍රවාහන අමාත්‍ය Kim Hyun-mee සදහන් කරන්නේ.

ඊට අමතරව BMW මෝටර් රථ හිමියන්ට දකුණු කොරියානු රජය දැනුම් දී ඇත්තේ තම වාහනයේ ආරක්ෂා සහිතද යන්න ගැන අදාළ සමාගම හරහා පරික්ෂා කිරීමෙන් අනතුරුව යලිත් වරක් තහවුරු කර ගන්නා ලෙසයි.

දකුණු කොරියාවේ නිතිය අනුව වාහන හිමියන්ට එවැනි නියෝගයක් නිකුත් කිරීමට රජයට අවසර හිමි බවයි 

මිට පෙර බ්‍රිතාන්‍යයේ ද රථ දහසකට වැඩි සංඛ්‍යාවක ඇතිවූ ගැටළු හේතුවෙන් එම සමාගම සිය මෝටර් රථ වල ආරක්ෂාව සමබන්ධයෙන් ඇතිවී තිබෙන ගැටළු සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථකාරී තත්ත්වයකට මුහුණදී සිටිනවා.

දකුණු කොරියානු රජය සදහන් කරන්නේ BMW 520d sedan මාදිලියේ කාර් රථ වල මෙම ගැටළුව පවතින බවයි.

මෝටර් රථ වල ඇතිවී තිබෙන තාක්ෂණික ගැටළු සම්බන්ධයෙන් එරට BMW සමාගමේ සභාපතිවරයා පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව සිය පාරිභෝගිකයින් ගෙන් වැඳ සමාව ඉල්ලා සිටියා.