Thursday, May 2, 2024

General line - 0115112241

අවුරුදු 10ක් ලියුම් නොබෙදූ තැපැල්කරුවෙක්

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




වසර 10 කට අධික කාලයක් ලැබුණු ලිපි බෙදාහැරිම නොකළ තැපැල් සේවකයෙකු පිළිබද ඉන්දියාවේ ඔඩිෂා ප‍්‍රාන්තයේ ඔඩාන්ගා ප‍්‍රදේශයෙන් අද (15) තොරතුරු වාර්තා වුණා. ඔහු බෙදාහැර නොමැති ලිපි සහ පාර්සල් සංඛ්‍යාව 6,000 කට අධිකයි.

රැකියා කැදවුම් ලිපි, බැංකු ගණුදෙනුවලට අදාළ ලේඛණ ඇතුළු වටිනා ලිපි ලේඛණ සහ ත්‍යාග ද ඒ අතරට අයත්. මේ පිළිබද තොරතුරු අනාවරණ වි ඇත්තේ අදාළ තැපැල් කාර්යාලය එම ස්ථානයෙන් ඉවත් කිරීමට තීරණය කිරීමත් සමගයි. ගොඩගසා තිබූ මෙම ලිපි තොගය තැපැල් කාර්යාලය ආසන්නයේ තිබී සොයා ගැණුනා. ඒ වනවිටත් අවට දරුවන් එම ලිපි සහ පාර්සල්වලින් කී‍්‍රඩා කරමින් සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

සොයාගත් ලිපිලේඛණවලින් බහුතරයක් විනාශ වී තිබූ බැවින් ඒවායෙහි අනන්‍යතාවද හෙළිකර ගැනීමට හැකි වී නැහැ. මෙම තැපැල් සේවකයා මෙවැනි පියවරක් ගැනීමට හේතුව අනාවරණ වී නොමැති අතර ඔහු සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් කි‍්‍රයාත්මකයි.