Thursday, May 2, 2024

General line - 0115112241

නවසීලන්තයේ නිවාස විකිණීම අර්බුදයක් දක්වා යයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිය රටේ නිවාස විදේශිකයින්ට මිළදී ගැනීම තහනම් කිරීමට නවසීලන්ත පාර්ලිමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ, සිය රටේ සම්පත් උපරිම අයුරින් ඵලදායිතාවයේ යෙදවීමේ අරමුණින්. මෙම තහනම බලපැවැත්වෙන්නේ මේ වනවිට නවසීලන්තයේ පදිංචි නොවන විදේශිකයින්ටයි.

එමෙන්ම ඕස්ටේ‍්‍රලියානු සහ සිංගප්පුරු ජාතිකයින්ටද මෙම තහනම බලපැවැත්වෙන්නේ නැහැ. ඒ, එම රටවල් සහ නවසීලන්තය අතර පවතින නිදහස් වෙළද ගිවිසුම් හේතුවෙන්.

නවසීලන්තය මේ වනවිට එරට නිවාස සංඛ්‍යාව පිළිබද අර්බුදයකට පත්ව සිටිනවා. ඒ, ප‍්‍රමාණය ඉක්මවා නිවාස අළෙවි කිරීමත් සමගයි. සංක‍්‍රමණිකයින්ගේ පැමිණීම වැඩිවීම සහ අඩු පොලී අනුපාත හේතුවෙන් නිවාස අළෙවිවීම ඉකුත් සමයේ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ සමගම නිවාසවල වටිනාකමද සියයට 60 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.