Thursday, May 2, 2024

General line - 0115112241

ඉතාලියේ කොටසකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉතාලි අග‍්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ විසින් ජෙනෝවා ප‍්‍රදේශයට මාස 12ක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ ජෙනෝවා ප‍්‍රදේශයේ පිහිටි පාලමක් ඉකුත් දා කඩා වැටීමෙන් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත් වීමත් සමග අග‍්‍රාමාත්‍යවරයා මෙම තීරණයට එළඹ ඇති බවයි. පාලම කඩා වැටීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. කෙසේ වෙතත් අනතුරත් සමග ඉතාලි රජයට දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.