Thursday, May 2, 2024

General line - 0115112241

ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 177ක් - නායකත්වය හිස්

කසුන් කැළුම්




ඉන්දුනීසියාවේ පැවැත්වෙන 18 වන ආසියානු කී‍්‍රඩා උළෙල සදහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 177 දෙනෙකු සහභාගි වනවා. එ්, කී‍්‍රඩා ඉසව් 30ක් සදහායි. ආසියානු කි‍්‍රඩා උළෙලට මෙවර සහභාභාගි වන නිලධාරීන් සංඛ්‍යාව 78ක්. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා මෙතෙක් නම් කර නොමැති වීමද විශේෂත්වයක්. පොදුරාජ්‍ය මණ්ඩලයීය රිදී පදක්කම්ලාභී බර ඉසිලීමේ ශූර ඉන්දික දිසානායකට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිවනු ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වන්නේ. 

ආසියානු කී‍්‍රඩා උළෙලට සහභාගි වන ශී‍්‍ර ලංකා කාන්තා කබඩි කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගිය අතර පිහිණුම් කණ්ඩායම ඊයේ ඉන්දුනිසියාව බලා පිටත්ව ගියා. කබඩි, මළල කී‍්‍රඩා සහ බර ඉසිලීමේ තරග ඉසව්වලින් ශී‍්‍ර ලංකා වැඩි පදක්කම් බලාපොරාත්තු අපේක්ෂා කරනවා. මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සහභාගි වන මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව 12ක්. 
උස පැනීමේ කි‍්‍රඩක උශාන් තිවංක සහ ශී‍්‍ර ලංකා හාරසියය හතර මිශ‍්‍ර කණ්ඩායමට මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලට එක්වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. එ් බලධාරීන් විසින් ඔවුන්ගේ විස්තර තරගාවලිය ස`දහා ඇතුළත් කිරීම නිසි අයුරින් සිදු නොකිරීම හේතුවෙන්.


ආසියානු කී‍්‍රඩා උළෙලේ සමාරම්භක උළෙල ලබන 18 වැනිදා ආරම්භ වීමට නියමිතයි. මෙවර 18 වන ආසියානු කී‍්‍රඩා උළෙලේ සියලූ තොරතුරු ඉන්දුනීසියාවේ සිට ගෙන එ්මට නෙත් ස්පෝර්ට්ස්මන් සූදානම්.