Wednesday, May 15, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් කොෆි අනන් අභාවප්‍රාප්ත වෙයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මානුෂිය කටයුතු සම්බන්ධයෙන් නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කියූ එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆි අනන් අභාවප්‍රාප්තවි තිබෙනවා. මිය යන විට ඔහු 80 හැවිරිදි වියේ පසුවූ අතර කෙටි කලක් ඔහු රෝගීව සිටි බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ.

රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල ඉහළම තනතුරක් දැරු පළමු අප්‍රිකානු කලු ජාතිකයා ලෙස කොෆි අනන් හදුන්වනු ලබන අතර ඔහුගේ සේවා කාලය 1997 වසරේ සිට 2006 දක්වා සිය සේවාවන් සපයනු ලැබුවා.

සිරියාව වෙනුවෙන් පත්කළ විශේෂ නියෝජිතයා ලෙසද කොෆි අනන් කටයුතු කළ අතර යුධමය ගැටළුවලට විසදුම් ලබාදී එහි සාමය ඇති කිරීම සදහා ඔහු මහත් වෙහෙසක් ගනු ලැබුවා.

ඝානාවේ උපත ලැබූ කොෆි අනන් මිය යන විට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2001 වසරේදී ඔහු මානුෂිය කටයුතු සම්බන්ධයෙන් වන නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවා.