Friday, September 20, 2024

General line - 0115112241

සචිනි අමෙරිකාවෙන් පදක්කම් ගෙනෙයි (PHOTOS)



අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැති 2016 World Championships Performing Arts (WCOPA) තරඟයට ශ්‍රී ලංකාවෙන් රංගන ශිල්පිනියක් වන සචිනි අයේන්ද්‍රා සහභාගී වුණා.

මෙම ලෝක ප්‍රාසාංගික කලා ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු ජනප්‍රිය රංගන ශිල්පිනි සචිනි අයේන්ද්‍රා රංගන අංශ කිහිපයකින් රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.

සචිනි අයේන්ද්‍රා ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට මේ සඳහා සහභාගී වූ එකම තරඟකාරියයි. අවුරුදු 20 ක් පුරාවට පැවැත්වෙන මෙම තරඟයට රටවල් 65 ක තරඟකාරීයන් එක් වුණා.

නර්තනය, රංගනය, ගායනය, මෝස්තර නිරූපනය යන ක්ෂේත්‍ර අංශ 04 ක් යටතේ මෙම තරඟාවලිය පැවැත්වුණා.

13627123_10154330816462128_8647486919682888887_n 13640991_10154326826612128_5511632940952372120_o 13641075_10154328840817128_3755369492511114123_o 13659038_10154342658802128_1962953869479175507_n 13697067_10154349324582128_6390018717889335102_n13709790_10154345455987128_8088882218429893879_n 13728912_10154348183512128_626002935794318431_n 13775606_10154348031922128_8207939016144470379_n