Tuesday, April 30, 2024

General line - 0115112241

ජනතාව නොමග යවන පුවතක්




දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට බිල්පතක් නිකුත් කරමින් මුදල් අයකරන බවට සමාජ ජාල වෙබ් අඩවිවල පළවන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අදාළ බිල්පත නිකුත් කරන්නේ ප‍්‍රතිකාර සඳහා වැයවන මුදල රෝගීන්ට දැන ගැනීම සඳහා පමණක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් එම වැඩසටහන නිර්මාණය කර ඇති බවද අමාත්‍යවරයා පැවසුවා. එහෙත්, ඇතැම් සමාජජාල වෙබ් අඩවි ඒ පිළිබඳ ජනතාව නොමග යවන සුළු ප‍්‍රවෘත්ති පළ කර තිබූ බවයි අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් කියා සිටියේ.