Tuesday, April 30, 2024

General line - 0115112241

හෙරොයින් කිලෝග‍්‍රෑම් 1203ක් අත්අඩංගුවට

හේමන්ත කහවලගේ




මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීම්වලදී හෙරොයින් කිලෝග‍්‍රෑම් 1203ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 120කට අධිකයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය, විශේෂ කාර්ය බලකායේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය සහ ඒකාබද්ධ මෙහෙයුම්වලදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. සැකකරුවන් 313 දෙනෙකු මෙම කාල සීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති බවද ස`දහන්.