හිටපු පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික කිතුලේගොඩට නොවැම්බර් මස 13 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය අද (28) නොතීසි නිකුත් කළා. ඒ, හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩු 03ක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහායි.
සාධාරණ හේතුවක් නොමැතිව අඛණ්ඩව වසර 03ක් සිය වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩු 03 පවරා තිබෙනවා.