Sunday, May 5, 2024

General line - 0115112241

මහවැලිය මුවාවෙන් උතුරේ සිංහල ජනතාව පදිංචි කරනු එපා- දහස් ගණනක් මුලතිව් නගරයේ වීදි බසිති

මාධව කුලසූරිය




මහවැලි එල් කලාපය යටතේ මුලතිව් දිස්ත්‍රික්යේ සිංහල පවුල් පදිංචි කිරීම වහාම නවතා දමන ලෙසට ඉල්ලීම් කරමින් මුලතිව් ජනතාව අද (28) මුලතිව් නගරයේදී විරෝධතාවයක නිරතවුණා.

මහවැලි එල් කලාපය ලෙස නම් කරමින් වැලිඔය හා මුලතිව් දිස්ත්‍රික්කය තුළ සිංහල ජනතාව නැවත පදිංචි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්, මහවැලි සංවර්ධනය කිරීම් යට‍තේ දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම නවතා දමන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා. 

රජය මහවැලි එල් කලාපය සංවර්ධනය කරන මුවාවෙන් මුලතිව් දිස්ත්‍රික්කය තුළ සිංහල ජනතාව නැවත පදිංචි කිරීම් සිදුකිරීම හෙළා දකින බවද අදාළ පිරිස් සදහන් කකළා. විරෝධතාවය සම්බන්ධයෙන් මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරන උතුරු පළාත් සභා මන්ත්‍රී ටි. රවිහරන් පැවසූවේ මහවැලි එල් කලාපය සංවර්ධනය කරන මුවාවෙන් රජය වැලිඔය හා මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව නැවත පදිංචි කිරීම් සිදුකරන බවයි.

මහවැලි එල් කලාපය ලෙසට වැලිඔය හා මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ නම්කොට ඇතත් අදාළ ප්‍රදේශ වෙත මහවැලි ජලය සපයාදීමට රජය කටයුතු කොට නොමැති අතර,  අදාළ ප්‍රදේශවල ජනතාවට බීමට පවා ජලය නොමැති අවස්ථාවක රජය මහවැලිය සංවර්ධන වැඩසටහන් දියත් කිරීම විහිළුවක් බවද හෙතෙම සදහන් කළා. රජය වහාම මහවැලි සංවර්ධනය මුවාවෙන් සිදුකරන මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ජනාවාස ඉදිකිරීම නවතා දැමිය යුතු බවද හෙතෙම ඉල්ලීම් කළා.

මුලතිව් නගරයේ වීදි පුරා ගමන් කරමින් මුලතිව් වැසියන් විරෝධතාවයට එක්ව සිටි අතර, විරෝධතාවය වෙනුවෙන් උතුරු පළාත් සභා මන්ත්‍රීවරුස්, ප්‍රදේශවාසීන් දහසකට ආසන්න පිරිසක් සහභාගි වී සිටියා.