පේරාදෙණිය ගලහ රෝහලේ දී දරුවෙකු මියයාමේ සිද්ධියක් මුල්කර ගනිමින් රෝහල් පරිශ්රයේ නොසන්සුන් ලෙස හැසිරුණු පිරිස විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
දරුවාගේ ඥාතීන් ඇතුළු පිරිසක් රෝහල් පරිශ්රයේ නොසන්සුන් ලෙස හැසිරෙමින් රෝහලේ දේපලවලටද හානි කළා. ඔවුන් එල්ල කළ ගල් මුල් ප්රහාරවලින් රෝහල් කාර්ය මණ්ඩලයේ වාහනවලට ද හානි සිදුව තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
රෝහලේ ආරක්ෂාව සඳහා පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවීමට පියවර ගෙන තිබුණා.
....................................................................
ගලහ රෝහලේ නොසන්සුන්තාවක් - ගොඩනැගිලිවලට හා වාහනවලටත් හානි
(28-08-2018 14:29)
මහනුවර ගලහ රෝහලට ඇතුළත් කළ පිරිමි දරුවෙකු මියයාමේ සිද්ධියකින් පසු රෝහල් පරිශ්රයේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, 500 ක පමණ පිරිසක් මේ වන විට රෝහල් පරිශ්රය වට කරගෙන සිටින බවයි.
විරෝධතාකරුවන් රෝහලේ ගොඩනැගිලිවලට හා වාහනවලට හානි කර ඇතැයි ද ඔහු සඳහන් කළා. මේ වන විට රෝහලේ ආරක්ෂාව සඳහා පොලිසීය කැඳවා තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ, මේ වන විටත් රෝහල් පරිශ්රයේ නොසන්සුන් තත්ත්වය පවතින බවයි.