මහනුවර මහ රෝහල් භූමියතුළ ක්රියාත්මක මීටර් රහිත කුලී ත්රිරෝද රථ සේවාව මගින් අසරණ රෝගීන්ගෙන් අධික ලෙස ගසා කන බව රෝගීන් සහ රෝහල් සේවකයින් පවසනවා.
මෙම ත්රිරෝද රථයක් මහනුවර මහ රෝහලේ සිට ගුඩ් ෂෙඩ් බස් නැවතුම්පොළ දක්වා ගමන් කිරීමේදී පවා රුපියල් 150ක පමණ මුදලක් රෝගීන්ගෙන අයකරනු ලබබවයි වාර්තා වන්නේ. රෝහලේ ඉහළ කොටසේ සිට පහළ ට පැමිණියද රුපියල් 100ක මුදලක් මෙම ත්රිරෝද රථ රියදුරන් විසින් අයකරනු ලබන බවයි රෝගීන් පවසන්නේ.
මීට අමතරව මියගිය අයගේ මරණ සහතික ලබාගැනීම වැනි කටයුතුවලදී අතරමැදියන් ලෙස කටයුතු කරමින් ජනතාවගෙන් දහස් ගණනින් මුදල් ලබා ගන්නා පිරිසදක්ද මෙම ත්රිරෝද රථ රියදුරන් අතර සිටින බවයි පැවසසෙන්නේ.