සැප්තැම්බර් 05 වනදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ රැළියට රට පුරා සෑම ප‍්‍රදේශයකින්ම ජනතාව සහභාගී වන බව සමස්ත ලංකා පළාත් පාලන සංසදයේ සභාපති උදේනි අතුකෝරළ පවසනවා. ඒ, කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ රටේ කොට්ඨාෂ 4917 ක් තිබෙනවා. ඒ සෑම කොට්ඨාෂයකටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය දෙන සාමාජිකයෙක් ඉන්නවා. අපිට පැහැදිලි ඉලක්කයක් තියනවා. අපිට නිලවශයෙන්ම සදහන් කරන්න පුළුවන් කොට්ඨාෂ 4917 න් බස් 4917 ක් මුළු ලංකාව වටෙන්ම කොළඹට එනකොට එදාට කොළඹ දැවැන්ත හිස් ගොඩක් බවට පත්වෙනවා යැයි මන්ත්‍රිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියා.
කෙසේ වෙතත් මෙම ජන රැළියට එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සහභාගී වනු ඇති බවට පළවන වාර්තාවන්ට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් අද ප‍්‍රතිචාර දැක්වූවා. ඒ, කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකට ප‍්‍රතිචාර දක්වමින්.
එහෙම අපේ පක්ෂයේ එයාලට සහයෝගය දෙන්න කියලා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන්ට අවශ්‍යතාවයක් නොමැති බව මෙහිදී මන්ත්‍රිවරයා අවධාරණය කර සිටියා.
සීමා නීර්ණ වාර්තාව සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ද මන්ත‍්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා.
මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය අද සහභාගී වීමට නියමිතයි. වැඩසටහන රාත‍්‍රී 07යි 30ට ප‍්‍රචාරය කෙරෙනවා.