Thursday, January 16, 2025

General line - 0115112241

අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනපතිගෙන් අලුත් උපදෙසක්




රජයේ සංවර්ධන වැඩපිළිවෙල කාර්යක්ෂම කර ගැනීම සඳහා අමාත්‍යංශ ලේකම්වරුන්ට ප‍්‍රමුඛ වගකීමක් පැවරෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ, ජනාධිපතිවරයා සහ අමාත්‍යංශ ලේකම්වරුන් අතර පැවති හමුවකදීයි. 

සෑම බදාදා දිනකම අනිවාරයෙන්ම අමාත්‍යංශයේ නිලධාරීන් මහජනතාව හමුවීම සඳහා කාර්යාලය තුළ රැඳී සිටිය යුතු බවට මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම සෑම අමාත්‍යංශයක්ම වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් අමාත්‍යංශයේ කාර්ය භාරය, සංවර්ධන ව්‍යාපෘති හා ඒවායේ ප‍්‍රගතිය පිළිබඳ නිරන්තරයෙන් තොරතුරු යාවත්කාලීන කරමින් ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරුණා.