Monday, May 20, 2024

General line - 0115112241

නව මැගසින් බන්ධනාගාරයේ සිදුවෙන වැඩ ගැන අනාවරණයක්

නිශාන් ද සිල්වා




කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ දූෂිත නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීමට අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය හෝ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙතෙක් කටයුතු කර නොමැති බව බන්ධනාගාර ආරංචි පවසනවා. 

විවිධ වැරදිවලට සම්බන්ධ යැයි පවසා ඉකුත්දා කොළඹ බන්ධනාගාරයන්හි නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදීමට බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය කටයුතු කර තිබුණා. එලෙස ස්ථාන මාරුවීම් ලැබුවේ වැලිකඩ බන්ධනාගාරයේ සහ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ නිලධාරීන් පිරිසක්. 

එහෙත් නව මැගසින් බන්ධනාගාරයේ දූෂිත නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීමට මෙතෙක් කටයුතු නොකිරීම පිළිබද බන්ධනාගාර නිලධාරීන් සිය අප‍්‍රසාදය පළ කරනවා. 

පර්පචුවෙල් ටෙ‍්‍රෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන රදවා සිටින්නේද කොළඹ නව මැගසින් බන්ධනාගාරයේයි.

ඉකුත් දිනවල අවස්ථා කිහිපයකදී ඔවුන් රදවා සිටින වාට්ටුවේ තිබී ජංගම දුරකතන සහ සිම් කාඞ් පත් කිහිපයක් සොයගනු ලැබුවා. ඒවා කොළඹ නව මැගසින් බන්ධනාගාරයට තුළට නිලධාරීන්ගේ සහාය නොමැතිව රැගෙන යාමට නොහැකි බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.