Thursday, January 16, 2025

General line - 0115112241

ඥාණසාර හිමිව රැගෙන යයි




සිර දඬුවම් නියම වී සිටින ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් මාරු කර තිබෙනවා.

ඒ අනුව ඥාණසාර හිමියන්ව බන්ධනාගාර රෝහල වෙත මාරු කර ඇති බවයි වාර්තා වෙන්නේ. සිදු කෙරුණු සැත්කමකින් පසු ඥාණසාර හිමියන් මෙලෙස ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ඉකුත් 2016 වසරේ ජනවාරි 25 වැනිදා අධිකරණයට අපහාස වන පරිදි හැසිරීම සම්බන්ධයෙන් ඥාණසාර හිමියන් මේ වනවිට වසර 06ක බරපතල වැඩසහිත සිරදඬුවමකට නියමවී සිටිනවා.

ඉන් අනතුරුව උන්වහන්සේ දැනුම් දුන්නේ අභියාචන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට බලාපොරොත්තු වන බවයි.