Thursday, January 16, 2025

General line - 0115112241

බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව ඇරඹීමට සියල්ල සූදානම්

ඩිල්ෂාන් මඩවල




බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව නේපාලයේ කත්මණ්ඩු නුවරදී තවත් පැය කිහිපයකින් ආරම්භ වනවා.

සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයින් මේ වනවිට කත්මණ්ඩු නුවරට පැමිණ සිටින බවයි එහි සිටින ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ චමුදිත සමරවික‍්‍රම පැවසුවේ. 

සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයින් අතර ද්වී පාර්ශවික සාකච්ඡාද පැවැත්වෙනවා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (30) පෙරවරුවේ මියන්මාර ජනාධිපතිවරයා හමුවුණා. මෙම සාකච්ඡාව ද දෙරටටම ඉතා වැදගත් වූ බවයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ චමුදිත සමරවික‍්‍රම පැවසුවේ.

ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 07ක් බිම්ස්ටෙක් සමුළුවේ සාමාජිකත්වය දරනවා. එහි සෙසු සාමාජිකයින් වන්නේ ඉන්දියාව, තායිලන්තය, බංග්ලාදේශය, භූතානය, මියන්මාරය සහ නේපාලයයි. 

බිම්ස්ටෙක් සමුළුව 1997 වසරේදී ආරම්භ වුණා. එහි සාමාජික රටවල් ලෝක ජනගහනයෙන් සියයට 25ක් පමණ නියෝජනය කරනවා. මෙම රටවල් ලෝක ආර්ථිකයට සපයන දායකත්වය අමෙරිකානු ඩොලර් බිලියන 750කට ආසන්නයි.