ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියා පුරප්පාඩුවලින් සියයට 10ක් සඳහා මව්පිය පදනමින් බඳවා ගැනීම් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මින් ඉදිරියට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියා පුරප්පාඩුවලින් සියයට 10ක් එහි සේවය කරන සේවක සේවිකාවන්ගේම දරුවන්ට හිමිවනු ඇති.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ ධුරය එහි සේවකයෙකුටම ලබාගත හැකි වන පරිදි දැනට තිබෙන නීති සංශෝධනය කිරීමට ද අවධානය යොමුව තිබෙනවා. දැනට එම ධුරය සඳහා තැනැත්තන් පත් කෙරෙන්නේ විෂයභාර අමාත්‍යවරයාගේ අභිමතය පරිදියි.