ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අම්බලන්තොට ඩිපෝවේ බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අද (30) දෙවන දිනටත් ක‍්‍රියාත්මක වනවා.
වැටුප් ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ ඊයේ (29) දිනයේයි. වර්ජනය හේතුවෙන් අම්බලන්තොට ඩිපෝවේ කිසිදු බස් රථයක් ධාවනය නොවන බවයි එහිි වෘත්තීය සමිති සන්ධාන එකමුතුවේ කැඳවුම්කරු ඉන්දික චමින්ද ප‍්‍රකාශ කළේ.
දුර ගමන් හා ග‍්‍රාමීය මාර්ගවල සේවය සඳහා යොදවා තිබූ බස් රථ 53ක් මෙලෙස ධාවනයෙන් ඉවත් වී තිබෙනවා.