Thursday, January 16, 2025

General line - 0115112241

හිටපු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්නට විදේශගත වීමට අධිකරණයෙන් අවසර

අධිකරණ වාර්තාකරු




හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්නට විදේශගත වීම සඳහා කොළඹ මහාධිකරණය අද (30) අවසර ලබා දුන්නා. ඒ, ඔක්තෝබර් මස පළමුවනදා සිට 16වනදා දක්වා ඉන්දියාවේ ආගමික කටයුත්තක් සදහා සහභාගී වීමට අවසර ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුවයි. 

මීගමුව කළපු සංවර්ධනය සදහා වෙන් කළ රුපියල් මිලියන 14 කට ආසන්න  මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්නට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණා. අදාළ නඩුව ඔක්තොම්බර් මස 17වනදා විභාගයට ගැනීමට නියමිතයි.