Thursday, January 16, 2025

General line - 0115112241

සමාජ මාධ්‍ය ජාල ආරක්ෂාවට තර්ජනයක් - අගමැති

සජිත් තිලකරත්න




ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ මාධ්‍ය ඇතුළු නව මාධ්‍ය, ආරක්‍ෂාව කෙරෙහි තර්ජනයක් වී ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අද (30) ආරම්භ වූ කොළඹ ආරක්‍ෂක සමුළුවේ ප‍්‍රධාන දේශණය පවත්වමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

තාක්ෂණය විසින් බිහිකෙරුණු සමාජ මාධ්‍යද ඇතුලත් නව මාධ්‍ය ආරක්ෂාව කෙරෙහි ඇති සාම්ප්‍රදායික නොවන එක් තර්ජනයක්. ෆේස්බුක් සහ ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි ලෝකය පුරා විනාශකාරී බලවේග වී තිබෙනවා. එම නව මාධ්‍ය හරහා රාජ්‍ය අස්ථාවර කිරීමේ ඉහල හැකියාවක් තියනවා.ටියුනීසියාව සහ ඊජිප්තුව ඊට හොදම උදාහරනයි. විවිධ පරිමානවල ගෝලීය වියවුල් ඇතිකිරීමේ බලවේග වලට පුළුවන් රටවල් දුර්වල කරන්න. ඒ නිසා මේ තර්ජන මැඩලන්න ශක්තිමත් උපාය මාර්ග අවශ්‍ය බවයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ආරක්‍ෂාවට බලපාන සාම්ප‍්‍රදායික මෙන්ම සාම්ප‍්‍රදායික නොවන තර්ජන පිළිබදවද අවධානය යොමු කළ යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.

ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්‍ෂාව යන තේමාව යටතේ අද ආරම්භ වූ කොළඹ ආරක්‍ෂක සමුළුව මෙවර පැවැත්වෙන්නේ 8 වන වරටයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන සමුළුව අවසන් වන්නේ හෙට (31) දිනයේයි. සාක් කලාපීය රාජ්‍යයන්හි යුද හමුදා ප‍්‍රධානීන් ඇතුළු නියෝජිතයින් 800 ක් පමණ ඊට එක්ව සිටිනවා.