පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ විශේෂඥ කමිටුව හමුවේ අද (30) කරුණු දැක්වුවා.
ඒ පිළිබද පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මාධ්‍ය හමුවේ කරුණු දැක්වූයේ මෙලෙසයි.
නිදහස් වෙළද ගිවිසුම් වලට අපි විරුද්ධ නෙමෙයි. ලංකාවේ උද්ඝෝෂණය කලාට සිංගප්පුරුවේ ගිවිසුමට විරුද්ධව උද්ඝෝෂණ කරන්නේ නැහැ. ඉන්දියාව එක්ක ඇති කරගන්න හදන එක්ටා ගිවිසුමට එරෙහිව ඒ රටේ උද්ඝෝෂණ කරන්නේ නැහැ. ඒ රටවල් වල මිනිස්සු දන්නවා තමන්ගේ රජය තම රටට අවාසි වෙන දෙයක් කරන්නේ නැහැ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ගිවිසුම් වල නෙමෙයි. ගිවිසුම් අත්සන් කරන විදිහයි. අපේ ආණ්ඩුව රට පාවලා දීලයි ගිවිසුම් අත්සන් කරන්නේ. මේ සම්බන්ධයෙන් සොයා බලන්න පත්කරපු ජනාධිපති කොමිසමට අපි පෙන්නලා දීලා තිබෙනවා ඔබලාට ජනාධිපතිවරයා බලය පවරලා තියනවා රටට ගැලපෙන වෙළද ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න කියලා.
එහිදී උදය ගම්මන්පිල මන්තී‍්‍රවරයා ගිවිසුමේ සදහන් කසළ හුවමාරුව පිළිබදවද අදහස් පළ කළා.