Thursday, January 16, 2025

General line - 0115112241

සජිත්ට විමල් යලි පිළිතුරු දෙයි : නුදුරේදීම ප්‍රසිද්ධ විවාදයක්




ප‍්‍රසිද්ධ විවාදයක් සදහා කළ අභියෝගය භාර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට යළි ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ, අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින්. 

පසුගියදා පාර්ලිමේන්තුවේදී ප‍්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස තමන් විසින් කරන ලද අභියෝගයට ප‍්‍රමාදවී හෝ ප‍්‍රතිචාර දැක්වීම පිළිබදව කෘතඥතාව පළ කරන බවයි විමල් වීරවංශ මන්තී‍්‍රවරයා එම ලිපියේ දක්වා ඇත්තේ. එහෙත් ඒ සදහා උදා ගම්මානයක් වෙත පැමිණෙන ලෙස අමාත්‍යවරයා කළ ප‍්‍රකාශය ප‍්‍රායෝගික නොවන බවද එහි දැක්වෙනවා. 

එබැවින් හරවත් හා කාලීන සංවාදයක් සදහා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් යොදාගත යුතු බවට තමන් යෝජනා කරන බවද විමල් වීරවංශ මන්තී‍්‍රවරයා යොමුකළ ලිපියේ වැඩිදුරටත් සදහන්.