ආණ්ඩුවට එරෙහිව ලබන 5 වනදා කොළඹදි පැවැත්වෙන ‘‘ජනබලය කොළඹට’’ විරෝධතා ව්‍යාපාරය අඩපන කිරීමට ආණ්ඩුව විවිධ බලපෑම් කරමින් සිටින බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා. කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකදි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කංචන විජේසේකර මේ බව කියා සිටියා.
මේ උද්ඝෝෂණයට ආණ්ඩුව බයවී තිබෙනවා. ඊයේ දවසේ අපිට දැනගන්න ලැබුනා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරි කාර්යාල වලට දැනුම් දීලා තියනවා කියලා සැප්තැම්බර් 4,5,6 සහ 7 දිනවල කොළඹට පැමිණෙන බස් රථ සිමා කිරීමට තීරණය කර ඇති නිසා මාර්ගස්ථ අධිකාරි කාර්යාල මගින් බස් රථවලට ලබා දෙන තාවකාලික ගමන් බලපත්‍ර ලබා නොදීමට තීරණය කර ඇති බවට. අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා එහෙම කඩාකප්පල්කාරී ක්‍රියාවල් කරන්න එපා කියලා.
පාර්ලිමේන්තුව එළෙස කල් දැමීමේ හේතුව කුමක් දැයි මාධ්‍යවේදීන් මෙහිදි කංචන විජේසේකර මන්තී‍්‍රවරයාගෙන් ප‍්‍රශ්න කළා.
මෙම විරෝධතාව හේතුවෙන් එළඹෙන 5 වනදා කොළඹ නගරයේ කාර්යාල කටයුතු මෙන්ම පාසල් කටයුතුවලටද යම් බලපෑමක් එල්ල විය හැකි බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ.