හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අන්තර් ජාතික පොලීසිය හරහා සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අද (30) සිය ස්ථාවරය අධිකරණයට දැනුම් දුන්නා. බැදුම්කර සිද්ධියට අදාළ නඩුවේ තමන්ට එරෙහි චෝදනා සහ වරෙන්තුවේ පිටපතක් ලබාගැනීමට අවශ්‍ය බවට හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉල්ලීමක් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දන්වා සිටියා.
අන්තර් ජාතික පොලීසිය හරහා එම ඉල්ලිම ඉදිරිපත් කර ඇති බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ. ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දන්වා සිටියේ සැකකරු විසින් ඉල්ලා ඇති ලේඛණ ඔහු වෙත ලබාදීමට නීතිමය බාධාවක් නොමැති බවයි.
සැකකරුවෙකුට අදාළ ලේඛණ ලබාගැනීමේ හැකියාවක් පවතින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිපි්රයා විජේසුන්දර අද අධිකරණයට දැනුම් දුන්නා.