Thursday, January 16, 2025

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව එක්වන්නැයි බිම්ස්ටෙක් සමුළුවේදී ජනපතිගෙන් ලෝක ප‍්‍රජාවට ඇරයුමක්




ලෝක ප‍්‍රජාව සහ සියළු රාජ්‍යයන් නීත්‍යනුකූල නොවන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව එකාවන්ව සහයෝගයෙන් කටයුතු කළයුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. නේපාලයේ කත්මණ්ඩු නුවරදී අද පස්වරුවේ ආරම්භ වූ බිම්ස්ටෙක් 4 වන රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා. 

මත්ද්‍රව්‍ය පිළිබඳව තිබෙන ප්‍රශ්නය මුළු මහත් මානව සමාජයටම බරපතල අභියෝගයක් වී තිබෙනවා. මත්ද්‍රව්‍ය නිසා අද ලෝකයේ සෑම රටකම කුඩා දරුවාගේ සිට බරපතල ප්‍රශ්න රාශියකට මුහුණ පා සිටිනවා. මත්ද්‍රව්‍ය දරුවන් විනාශ කිරීම නව පරපුර විනාශ කිරීම සෑම රටකටම බලපාන ඔවුන්ගේ දැනුම අධ්‍යාපනය බුද්ධිය විනාශ කිරීම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වගේම බොහෝවිට හදුන්වන නිතයානුකුලයි කියන මත්ද්‍රව්‍යත් බලපාලා තිබෙනවා. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෂිස්, මරිජුවානා, හෙරොයින් වගේ මත්ද්‍රව්‍ය ලෝකයේ ආණ්ඩු හදන්න ආණ්ඩු පෙරලන්න දේශපාලන ප්‍රශ්න ඇතිකරන්න තමන්ට අවශ්‍ය දේශපාලඥයින් බලයෙන් පහකරන්න වාගේම තමන්ට කැමති දේශපාලඥයින් පත්කරන්න බරපතල මත්ද්‍රව්‍ය ජාවාරම් සමත්වී තිබෙනවා යැයි මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියා.

කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් කලාපයේ ආර්ථික සැලසුම් අභියෝගයට ලක්කරමින් සිටින බවද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එහිදී පෙන්වා දුන්නා.