Friday, January 17, 2025

General line - 0115112241

‘‘බිම්ස්ටෙක්’’ රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය ජනපතිට පිරිනැමේ




‘‘බිම්ස්ටෙක්’’ රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත පිරිනැමුණා. ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ බිමිස්ටෙක් සමුළුව නියෝජනය කරන රටවල්වලට අයත් වනවා.

----------------------------------------------------

ලෝක ජනගහනයෙන් 1/4ක නායකත්වය  ජනපති මෛතී‍්‍රට පැවරෙයි

31-08-2018 06:34

ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් නියෝජනය කරන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය අද (31) ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට පිරිනැමෙනවා. ඒ, නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 04වන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ සමාප්තිය සටහන් කරමින්.


රටවල් 07ක් බිම්ස්ටෙක් සමුළුව නියෝජනය කරනවා. ශී‍්‍ර ලංකාව හැරුණු විට එහි සෙසු සාමාජික රටවල් වන්නේ ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, මියන්මාරය, භූතානය සහ නේපාලයයි. මෙම රටවල් ලෝක ආර්ථිකයට සපයන දායකත්වය වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 750ක් පමණ වනවා.