වැඩවර්ජනයක යෙදී සිටින ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයින් සාකච්ඡුාවක් සඳහා කැඳවූ බව ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලයේ පාලනාධිකාරිය පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ධාවන පී එච් ආර් ටී චන්ද්‍රසිරි පැවසුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදි මෙම සාකච්ඡාව පවත්වන බවයි.
අම්බලන්තොට, තංගල්ල සහ ගාල්ල යන ඩිපෝවල සේවකයින් මෙලෙස වැඩවර්ජනයක යෙදී සිටිනවා. ඒ වැටුප් ඇතුලූ ගැටලූ කිහිපයක් මුල් කර ගනිමින්.
------------------------------------
ලංගම ඩිපෝ 03ක් අදත් වර්ජනයේ
31-08-2018 08:06
ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ 03ක සේවකයින් අද (31) ත් වැඩවර්ජනයක යෙදී සිටිනවා. අම්බලන්තොට, තංගල්ල සහ ගාල්ල යන ඩිපෝවල සේවකයින් මෙලෙස වැඩවර්ජනයක යෙදී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. වැටුප් ඇතුලූ ගැටලූ කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩවර්ජනය කැඳවා තිබෙනවා.
අම්බලන්තොට සහ තංගල්ල යන ඩිපෝවල බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිට තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් වැඩිදුරටත් පැවසුවේ. ගාල්ල ඩිපෝවේ බස්රථ ධාවනයද අඩාල වී තිබෙනවා.