ගාල්ල නගරයේ රාජ්‍ය ආයතන ඉවත් කරන්නේ විධිමත් සැලසුමක් යටතේ නගරය සංවර්ධනය කිරීමේ අරමුණින් බව නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. අදාළ ගොඩනැගිලි ඉවත් කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තු මන්ති‍්‍ර රමේෂ් පතිරණ චෝදනා කළේ ගාල්ල නගරයේ රාජ්‍ය ආයතන පවත්වාගෙන යන ගොඩනැගිලි පෞද්ගලික අංශයට සහ විදේශිකයින්ට විකිණීමේ සූදානමක් ඇති බවයි.
කෙසේවෙතත් අදාළ ආයතන ඉවත් කරන දින වකවානු පිළීබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළා.