පාර්ලිමේන්තුවේ සභා ශාලාව සඳහා පුටු අලුත්වැඩියා කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මේ යටතේ පුටු 232ක් අලුත්වැඩියා කිරීමටයි අවධානය යොමුවී ඇත්තේ.
පාර්ලිමේන්තු සභා ශාලාවේ දැනට භාවිත කෙරෙන්නේ පාර්ලිමේන්තුව ඉදිකෙරුණු අවස්ථාවේ එහි සවි කෙරුණු පුටුමයි. ඒවා මේවනවිට වසර 36ක් පමණ පැරණි ඒවා වනවා. මේවනවිට ඒවායේ සුවපහසු බව අවම වෙමින් තිබෙන බවයි පාර්ලිමේන්තු ආරංචි පැවසුවේ.
පාර්ලිමේන්තුවේ ඉදිකිරීම් ව්‍යූහයට අනුව පුටු අලුත්වැඩියා කිරීමට නම් බුමුතුරුණුද අලුත්වැඩියා කිරීමට සිදුවනවා. එමෙන්ම පාර්ලිමේන්තුවේ ඉදිකිරීම් ව්‍යූවහයට අනුව ඊට යොදන සියලූ දේ ජපානයෙන් ආනයනය කිරීමට සිදුවන බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබුණේ.
පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීමට ඉකුත් ආණ්ඩුව සමයේ යෝජනාවක් ඉදිරිපත්වුණා. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකළ ජපාන සමාගම යටතේ එම නවිකරණයන් සිදු කිරීමටයි එහිදී යෝජනවා වී තිබුණේ. සම්පූර්ණ නවීකරණය සඳහා ඔවුන් ඉල්ලා තිබූ මුදල් රුපියල් මිලියන 5,000ක් බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා. කෙසේවෙතත් මිල අධික වීම හේතුවෙන් කොන්ත්‍රාත්තුව ඔවුන් වෙත ලබා දීම සිදු කෙරුණේ නැහැ.
ඉකුත් දා පැවැති කැබිනට් රැස්වීමකදී සාකච්ඡා වී තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාර්ලිමේන්තුවේ නවීකරණයන් සිදු කිරීමටයි. පළමු අදියරේදී වැසිකිලි පද්ධතිය නවීකරණය කිරීමට යෝජනා වී තිබෙනවා.
බස්නාහිර පළාත් සභාවට නවීන පුටු ගෙන ඒම සම්බන්ධයෙන් විවාදාත්ම කතා බහක්ද මේවනවිට සමාජය තුළ පැන නැගී තිබෙනවා.