Friday, January 17, 2025

General line - 0115112241

රාජ්‍ය දේපල වලට හානි කළාට බෙංගමුවේ නාලක හිමි ඇතුළු සිවුනමක් අත්අඩංගුවට ගන්නැයි නියෝග

අධිකරණ වාර්තාකරු




උද්ඝෝෂණය අතරවාරයේදී රාජ්‍ය දේපලවලට හානි කිරිමේ චෝදනා සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ සිව් නමක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (31) නියෝග කළා .

ඒ අනුව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන හිමිවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළා.

2016 වසරේ නොවැම්බර් මස 7 දා  පැවැති ආබාධිත රණවිරු උද්ඝෝෂණය අතරවාරයේදී රාජ්‍ය දේපලට හානි කිරිම සම්බන්ධයෙන් සැකකාර හිමිවරුන් හඳුනාගෙන ඇති බව කොටුව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා .

පසුගිය නඩු වාරයට ඉදිරිපත් නොවීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමි අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර එම වරෙන්තුව ආපසු කැදවන ලදී.