Friday, January 17, 2025

General line - 0115112241

දණගැස්වූ විදුහල්පතිනියගේ පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි

අධිකරණ වාර්තාකරු




බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පති බවනි රගුවත් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඔක්තෝම්බර් මස 11 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) නියෝග කළා. පෙත්සම ගොනු කර ඇත්තේ ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක සහ පළාත් අධ්‍යාපන බළධාරීන්ට එරෙහිවයි.  

ඌව පළාත් මහ ඇමැතිවරයාගේ නිල නිවසේදී, මහ ඇමතිවරයාට දණ ගසා වැඳීමට තමන්ට සිදු වූ බවත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවත් පවසමින්  ඇය මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.