Friday, January 17, 2025

General line - 0115112241

ඥාණසාර හිමිගේ අභියාචනයට අභියාචනාධිකරණය දුන් තීන්දුව මෙන්න




පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත්කළ අභියාචන පෙත්සම අභියාචනාධිකරණය විසින් අද (31) ප්‍රතික්ෂේප කළා. 

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේ වරදකරු කරමින් මීට පෙර ලබාදුන් නඩු තීන්දුවකට එරෙහිව මෙම අභියාචනය ඉදිරිපත් කෙරුණා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නඩු දෙකකදී වරදකරු වී සිරදඬුවමට නියමවී සිටිනවා. උන්වහන්සේ මුලින්ම වරදකරුවූයේ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙනුයි. 

ඒ පිලිබඳ දැනටමත් අභියාචනයක් ගොනු කර ඇති අතර එම නඩුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හැරීමටද කටයුතු කර තිබෙනවා.